ස්ථාවර ජංගම සේවා
(Private Mobile, Paging , Trunking, Citizen Band ) අයදුම්පත / (සෙලියුලර්) අයදුම්පත
පුද්ගලික ජංගම ගුවන්විදුලිය (PMR) සමහර විට Professional Mobile Radio ලෙස හඳුන්වනු ලබන අතර එය මධ්‍යම පදනම් මධ්‍යස්ථානයක් හෝ පුනරාවර්තකයක් සමග සාපේක්ෂව කෙටි දුරක් සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය ව්‍යාපාරික පරිශීලකයින් සඳහා සංවර්ධනය කරන ලදී. කුලී රථ සමාගමක් උදාහරණ වශයෙන් සැපයිය හැකි ය. PMR හදිසි සේවාවල ද බහුලව භාවිතා වේ. PMR ජාල පුනරාවර්තන ස්ථාන එකක් හෝ කිහිපයක්, මූලික ස්ථාන එකක් හෝ කිහිපයක් සහ ජංගම පර්යන්ත ගණනාවකින් සමන්විත වේ. එවැනි පද්ධතියක් සංවෘත පරිශීලක කණ්ඩායමකට සේවය කරන අතර සාමාන්‍යෙයෙන් එහි පරිශීලකයන් මෙන්ම හිමිකාරීත්වය දරන්නේ සහ ක්‍රියාත්මක කරනු ලබන්නේද එකම සංවිධානයක් විසිනි.
මුල් සැලසුමේ සිට, PMR පද්ධති “ට්‍රන්ක්ඩ්” පද්ධති වෙත සංවර්ධනය වී ඇති අතර ඉන් වැදගත්ම වන්නේ TETRA හෙවත් Terrestrial Trunked Radio ය. ට්‍රන්කින් යනු සන්නිවේදන ජාලයේ සම්පත් බෙදා ගන්නා තාක්ෂණයක් වන අතර එමගින් ජාල සම්පත් වෙන් කිරීමේදී නම්‍යශීලී බව සහ ලාබදායී බව යන දෙකම සපයයි. සාමාන්‍යයෙන්, සන්නිවේදන නාලිකාවක් ඇමතුමක කාලසීමාව සඳහා වෙන් කරනු ලබන අතර පසුව එය සමහරවිට එකම පද්ධතියේ විවිධ පරිශීලකයින් අතර වෙනත් ඇමතුමක් සඳහා භාවිතා කිරීමට ඉඩ සලසන පරිදි ස්වයංක්‍රීයව මුදා හරිනු ලැබේ. මෙම තාක්ෂණය මඟින් මූලික ස්ථාන කිහිපයක් සම්බන්ධ කිරීමට සහ තනි ස්ථානයකට වඩා පුළුල් ප්‍රදේශයක් හරහා ආවරණය සැපයීමට හැකියාව ලැබේ.
PMR පද්ධති සාමාන්‍යයෙන් සංවෘත පරිශීලක කණ්ඩායම්, කණ්ඩායම් ඇමතුම් සහ push-to-talk සඳහා පහසුකම් සපයන අතර, සෙලියුලර් පද්ධති හා සසඳන විට සාමාන්‍යයෙන් කෙටි ඇමතුම් සැකසීමේ වේලාවන් සහිත ය. බොහෝ PMR පද්ධති පර්යන්ත ජාලයක ආවරණ ප්‍රදේශයෙන් පිටත සිටින විට සෘජුවම එකිනෙකා සමග සන්නිවේදනය කළ හැකි වන සෘජු මාදිලියේ ක්‍රියාකාරිත්වයට ඉඩ සලසයි.
ප්‍රධාන සංඛ්‍යාත ලේඛනය (MFR)
- ඉහළ සංඛ්‍යාත (HF)
- ඉතා ඉහළ සංඛ්‍යාත (VHF)
- අධි සංඛ්‍යාත (UHF)
පුද්ගලික ජංගම රේඩියෝ සඳහා ඉහත සංඛ්‍යාත පරාසයන් තුළ, පහත දැක්වෙන ආකාරයේ ගුවන්විදුලි මධ්‍යස්ථාන භාවිතා කළ හැක.
- පුනරාවර්තන රේඩියෝ මධ්‍යස්ථාන
- පදනම් රේඩියෝ මධ්‍යස්ථාන
- ජංගම මධ්‍යස්ථාන (වාහනවලට සවි කළ)
- සුවහ හෝ අතේ ගෙන යාහැකි රේඩියෝ මධ්‍යස්ථාන
මෙම රේඩියෝ දෙයාකාරයකින් ක්‍රියාත්මක කළ හැකි ය.
- අර්ධ ද්විත්ව මෙහෙයුම (සංඛ්‍යාත දෙකකදී සම්ප්‍රේෂකය හරහා ක්‍රියා කිරීම)
- සරල මෙහෙයුම (එක් සංඛ්‍යාතයක ක්‍රියා කිරීම)
PMR පද්ධතිය සඳහා සංඛ්‍යාත බලපත්‍රය සඳහා අයදුම් කරන්නේ කෙසේද?
ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට PMR සන්නිවේදන ජාලයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් සංඛ්‍යාත බලපත්‍රයක් ලබා ගත යුතු ය. ඉල්ලීම ඉදිරිපත් කළ යුත්තේ අයදුම්පත්‍රයට අමුණා ඇති විශේෂ සහ පොදු උපදෙස්වලට අනුකූලව ය.