ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


සෙලියුලර් සේවා

900MHz පරායේ සම්පූර්ණ ප්‍රවේශ සන්නිවේදන පද්ධති (TACS) ප්‍රමිතිය මත පදනම් වූ පළමු පරම්පරාවේ (1G) ඇනලොග් ජාලය ලෙස ශ්‍රී ලංකාවේ සෙලියුලර් දුරකථන සේවා 1989 දී ආරම්භ විය. 800MHz පරාසයේ ඇනලොග් සෙලියුලර් සේවාවන් 1990 දශකයේ මුල් භාගයේදී උසස් ජංගම දුරකථන පද්ධති (AMPS) ප්‍රමිතිය මත හඳුන්වා දෙන ලදී. පසුව, ඇනලොග් පද්ධතිවල ධාරිතා සීමාවන් මඟහරවා ගැනීම සඳහා දෙවන පරම්පරාවේ (2G) ඩිජිටල් පද්ධතිය වන ජංගම සන්නිවේදනය සඳහා ගෝලීය පද්ධතිය (GSM) 1990 දශකයේ මැද භාගයේදී හඳුන්වා දෙන ලදී. GSM සඳහා පළමු වර්ණාවලිය වෙන් කිරීම 900MHz පරාසයේ සිදු කරන ලදී.
2G ජංගම දුරකථන ජාලවලට හඬ සහ අඩු වේග දත්ත (9.6kbps) සම්ප්‍රේෂණ සම්බන්ධයෙන් පමණක් කටයුතු කළ හැකි අතර General Packet Radio Services (GPRS) වැනි 2.5 පරම්පරාවේ (2.5G) සේවාවන්ට වෙළඳපල ඉල්ලුම සපුරාලීම සඳහා 15kbps දක්වා සම්ප්‍රේෂණ වේගයක් ලබා දිය හැකි ය.
වීඩියෝ ඇමතුම් සහ අධිවේගී අන්තර්ජාල ප්‍රවේශය වැනි අධිවේගී සේවා සඳහා පාරිභෝගික ඉල්ලුම තුන්වන පරම්පරාවේ (3G) පද්ධති සමග පවතින අතර එමගින් 2 Mbps දක්වා දත්ත අනුපාතයක් ලබා දෙන නිසා වැඩි දියුණු කළ බහුමාධ්‍ය සහ අධි විභේදන වීඩියෝ සේවා ලබා දීමට හැකි වේ.
3G පද්ධතිවල සැලකිය යුතු පරිශීලක ප්‍රතිලාභ සලකා බැලීමෙන්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) දකුණු ආසියාවේ 3G සේවා පිරිනැමීමේ ප්‍රථමයා ලෙස කටයුතු කරමින් 3G ජංගම සේවා හඳුන්වා දුන්නේ ය. ක්‍රමයෙන් විකාසයට පැමිණෙන 3G තාක්ෂණය High Speed Packet Access (HSPA), 3.5G systems ලෙස හැඳුන්වෙන අතර පවතින 3G ජාලවලට අමතරව යොදවමින්, දකුණු ආසියාවේ 3.5G සේවාවන් සැපයීමේ ප්‍රථම අවස්ථාව බවට පත්විය.
2013 වසරේ දී ශ්‍රී ලංකාවට 4G තාක්ෂණය හඳුන්වා දෙන ලදී

 

බලපත්‍ර අලුත් කිරීම

ජංගම දුරකථන සහ වෙනත් ජංගම උපාංග අනුමැතිය / ආනයනය කිරීම

එකම ක්‍රියාකරු විසින් දැනටමත් පවරා ඇති RF නැවත ඇති කිරීම සඳහා අනුමැතිය ලබා දීමේ කොන්දේසි