ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


පැමිණිලි

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 09 වැනි වගන්තිය ප්‍රකාරව (1996 දී සංශෝධිත), සපයනු ලබන විදුලි සංදේශ සේවා සම්බන්ධයෙන් විදුලි සංදේශ සේවාවක ග්‍රාහකයකු හෝ මහජන සාමාජිකයෙකු විසින් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන විටෙක, ක්‍රියාකරු විසින් කොමිසමට අවශ්‍ය යැයි හැඟෙන පරිදි විමර්ශනයක් කළ හැකි අතර, අදාළ සිදුවීමේ තත්වයන්ට අවශ්‍ය වන පරිදි ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග ගැනීමට හැකි ය.

එවැනි ඕනෑම පරීක්ෂණයක් අතරතුර, පැමිණිල්ලට හේතු වූ කිසියම් හේතුවක් හෝ කරුණක් නිවැරදි කිරීම සඳහා අවශ්‍ය යැයි සැලකෙන එවැනි පියවර ගැනීමට සහ සුදුසු අවස්ථාවලදී මුල්‍ය සහන සලසන ලෙස කොමිෂන් සභාව විසින් එම ක්‍රියාකරුට නියෝග කළ හැකිය.

ඉහත කී පනතේ 9 වැනි වගන්තියේ (1) උපවගන්තිය යටතේ කරනු ලබන සෑම පැමිණිල්ලක්ම ලිඛිතව තිබිය යුතු අතර ඊට හේතු පැහැදිලිව සඳහන් කළ යුතු ය.

පැමිණිලි ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය

ඔබේ දුරකථන ගැටළුව පළමුව අදාළ සේවා සපයන සමාගම වෙත ඉදිරිපත් කරන්න. සාධාරණ කාලයක් තුළ ඔබට සෑහීමකට පත්වි හැකි විසඳුමක් නොලැබුණහොත් ඔබට එය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකි බවත් කරුණාවෙන් සලකන්න.
සැළකිය යුතුයි:-  ඔබගේ  පැමිණිල්ල සිංහල ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කළ යුතුය

කරුණාකර පහත තොරතුරු පැමිණිල්ලට ඇතුළත් කරන්න

  1. සම්පූර්ණ නම   
  2. ජාතික හැඳුනුම්පත් අංකය
  3. ගැටළුවට අදාළ දුරකථන අංකය
  4. සම්බන්ධකරගත හැකි දුරකථන අංකය
  5. ඔබගේ සේවා සපයන්නා වෙත ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කළ දිනය
    • ඊට එම ආයතනය ඔබට ප්‍රතිචාර දක්වා ඇත්ද යන්න  
    • ඔබේ පිළිතුර ඔව් නම් එම ප්‍රතිචාර අමුණන්න
    • හෝ කරුණාකර සේවා සපයන්නා විසින් ප්‍රතිචාර දක්වා ඇත්නම් එහි යොමු අංකය ඉදිරිපත් කරන්න
  6. ඔබගේ ගැටළුව කෙටියෙන් සඳහන් කරන්න.
  7. අත්සන

Submit Your Complaints >>