ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


පැමිණිලි ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය

පියවර 1:

පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හේතුවක් ලෙස සලකනු ලබන ගැටළුවක් ඇති වූ පළමු අවස්ථාවේදීම පාරිභෝගිකයා විසින් සේවා සපයන්නා වෙතින් ඒ සම්බන්ධ සහනයක් අපේක්ෂා කළ යුතු ය.

ක්‍රියාකරුවන්ගේ සම්බන්ධතා තොරතුරු

  1. ඔබ විසින් කරන ලද ඕනෑම පැමිණිල්ලක් පිළිබඳ වාර්තාවක් තබා ගැනීම වැදගත් ය, උදා. පැමිණිල්ලේ පිටපත් සහ පෙර ලිපි තිබේ නම්, දුරකථනයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ නම් ඔබට ලබා දෙන යොමු අංකය, තිබේ නම් ඔබ කතා කළ පුද්ගලයාගේ / අයගේ නම්, පැමිණිල්ලේ දිනය සහ ලැබුණු පිළිතුරු යනාදිය.
  2. පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔබේ සේවා සපයන්නාට සාධාරණ කාලයක් ලබා දෙන්න.
  3. ඔබට දුරකථනයෙන් ඔවුන් සමග කතා කිරීමෙන් පසු විපරම් කළ හැකි ය. සාධාරණ කාලයක් තුළ ඔබේ ගැටලුවට සතුටුදායක පිළිතුරක් නොලැබුණහොත්, ඔබට එම අවස්ථාවෙහිදී කොමිසම වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක.
සේවා සපයන්නා පාරිභෝගික සේවා දුරකථන අංකය ඊමේල් ලිපිනය
SLT PLC 1212 cc@slt.com.lk
Lanka Bell Limited 115335000 service@mail.lankabell.com
bellcare@mail.lankabell.com
Dialog Axiata PLC 1777
or
0777678678
service@dialog.lk
Mobitel (Pvt.) Ltd 1717 or 2330550 info@mobitel.lk
Hutchison Telecommunications Lanka (Pvt.) Ltd. 1788 cs@hutchison.lk
Bharti Airtel Lanka (Private) Limited. 1755 or 755555555 555@airtel.com
Etisalat Lanka (Pvt.) Ltd. 1727 or     0722541541 customercare@int.etisalat.lk