ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


කොකාවිල් හි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය

කොකාවිල් බහු ක්‍රියාකාරී සම්ප්‍රේෂණය විවෘත කිරීම

විදුලි සංදේශ, රූපවාහිනී, ගුවන්විදුලි සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සම්පත් වන අතර, ඒවා රටේ ප්‍රගතිය සඳහා හොඳින් යොදා ගත යුතුය. ජාතික සහ ජාත්‍යන්තර විදුලි සංදේශ අවශ්‍යතා සඳහා අවශ්‍ය විදුලි සංදේශ ජාලය නිසි ලෙස හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම ටෙලිකොම් ක්‍රියාකරුවන්ට, අනෙකුත් ටෙලිකොම් පාර්ශ්වයන්ට සහ පාරිභෝගිකයින්ට වැඩි ප්‍රතිලාභ ලබා දෙනු ඇත.

ආසියානු විදුලි සංදේශ ජාල සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පිහිටුවීම මහින්ද චින්තනයේ එක් වැදගත් අරමුණකි. කොකාවිල් බහු ක්‍රියාකාරී සම්ප්‍රේෂණ කුළුණ ඉදිකිරීම මෙම ඉලක්කය සපුරා ගැනීමේ මාවතේ වැදගත් සන්ධිස්ථානයකි.

විදුලි සංදේශ ජාල ප්‍රතිපත්ති සහ මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි නීති විද්වත් කමිටුවක් විසින් සකස් කර අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. මෙම කමිටුවේ සාමාජිකත්වය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය, ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශය, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙතින් ලබාගෙන ඇත.

රට තුළ විදුලි සංදේශ ජාල පුළුල් කිරීම TRCSL විසින් බලපත්‍ර ලබා දී ඇති PSTN ක්‍රියාකරුවන් විසින් සිදු කරමින් ඇත. 2005 වසරේ සිට ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ජාලවල වර්ධනය පහත වගුවේ දැක්වේ.

Year 2005 2006 2007 2008 2009 2010 2011
Proposed Towers 313 501 973 2010 1110 938 422

 

උතුරු සහ නැගෙනහිර පළාත් දිස්ත්‍රික්කවල විදුලි සංදේශ ජාල යටිතල පහසුකම් යෝජිත සංවර්ධනය හා ව්‍යාප්තියට අනුව ඒවායේ ස්ථාපිත කෙරෙන විදුලි සංදේශ මධ්‍යස්ථාන සංඛ්‍යාව පහත වගුවේ දැක්වේ (2010 –2011):

Ampara 53 Batticaloa 34 Mullaitivu 04 Trincomalee 48
Mannar 29 Jaffna 103 Vavuniya 33 Kilinochchi 14

මෙම කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ අතීතයේ සිට ප්‍රදේශයේ ජනතාවගේ සහ උතුරු පළාතේ සේවයේ නියුතු ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ගුවන්විදුලි විකාශන අවශ්‍යතා සපුරාලීම සඳහා භාවිතා කර ඇත. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්ගේ මානුෂීය මෙහෙයුම් අතරතුර, රජයේ හමුදා විසින් කුළුණ නැවත අත්පත් කර ගන්නා ලදී. ප්‍රතිසංස්කරණය කරන ලද මෙම කුළුණ අද අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ උසම සම්ප්‍රේෂණ කුළුණ වන කොකාවිල් කුළුණ උසින් මීටර් 174 කි. උතුරු වසන්තය වැඩසටහන යටතේ රුපියල් මිලියන 330 ක වියදමින් එය ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙම කුළුණ දකුණු ආසියාවේ උසම ස්වයංක්‍රීය සම්ප්‍රේෂණ කුළුණ ලෙස විශේෂඥයින් විසින් හඳුනාගෙන ඇත. විදුලි සංදේශ, රූපවාහිනිය, ගුවන්විදුලිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන පහසුකම් සවිකිරීම සඳහා මෙම කුළුණේ ඉඩ ප්‍රයෝජනයට ගැනීමට නියමිතය. මෙම බහු කාර්ය සම්ප්‍රේෂණ කුළුණ, උතුරු පලාතේ ප්‍රජාවන් මුහුණ දෙන විදුලි සංදේශ, රූපවාහිනි, ගුවන් විදුලි සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ බාධාවන් හා සම්බන්ධ ගැටළු මග හැරීමට උපකාර වනු ඇත. රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය සහ විදුලි සංදේශ නාලිකා භාවිතය සඳහා ප්‍රමාණවත් ඉඩක් සහ පහසුකම් මෙම කුළුණෙන් සැලසෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

මෙම කොකාවිල් බහු-ක්‍රියාකාරී සම්ප්‍රේෂණ කුළුණ උතුරු වසන්තය වැඩසටහන යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය ප්‍රමුඛ කාර්යභාරය ඔස්සේ නැවත ඉදිකරන ලදී.

උතුරු වසන්තය විධායක කමිටු සභාපති සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මහතා, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ජනමාධ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ විවිධ ආයතන, ආරක්‍ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ එහි සංඥා අංශය මගින් සපයනු ලබන සේවාවන් විසින් මෙම කුළුණ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලබාදුන් අගනා දායකත්වය සහ සේවාවන් පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ස්තුති පූර්වක ස්තූතිය පුදකර සිටි

 

උතුරට රූපවාහිනි, ගුවන්විදුලි විකාශන සහ විදුලි සංදේශ පහසුකම්

 

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව උතුරු වසන්තය වැඩසටහන සමගින් එක් වේ - කොකාවිල් හි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය

"උතුරු වසන්තය" වැඩසටහන යටතේ උතුරේ පදිංචිකරුවන්ට රූපවාහිනී, ගුවන්විදුලි විකාශන සහ විදුලි සංදේශ පහසුකම් ව්‍යාප්ත කිරීම සඳහා විදුලි සංදේශ ආශ්‍රිත යටිතල පහසුකම් සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. කොකාවිල් කුළුණ ව්‍යාපෘතිය ක්ෂුද්‍ර තරංග සම්බන්ධතාව පහසු කිරීම සඳහා ඇති එවැනි ආකාරයේ පළමු ව්‍යාපෘතියයි.

TRCSL හි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා පැවසුවේ ඉහත ව්‍යාපෘතිය සඳහා TRCSL විසින් මුලින් රුපියල් මිලියන 150ක් වෙන් කර ඇති බවත් මෙය දින 180 වැඩසටහන යටතේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ කාරුණික සම්බන්ධීකරණයෙන් දියත් කරන බවත් ය.

මෙම ව්‍යාපෘතිය 2009 අගෝස්තු මස 19 වන දින ගරු ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ඉදිරියේ සමාරම්භ කෙරෙනු ඇත.

ආරක්‍ෂක, මහජන ආරක්‍ෂාව, නීතිය හා සාමය, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ TRCSL හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

රූපවාහිනී, විකාශන සහ අනෙකුත් සන්නිවේදන සේවා සැපයීමට හෝ පුළුල් කිරීමට පහසුකම් සැලසීම සඳහා උපාය මාර්ගික ස්ථානවල උස සන්නිවේදන කුළුණු තිබීම අත්‍යවශ්‍ය බව ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා වැඩිදුරටත් පැහැදිලි කළේ ය. මහජනතාවට තමන් කැමති මාධ්‍ය වෙත ප්‍රවේශ වීමට අවස්ථාව සැලසීම රජයේ ඉහළ ප්‍රමුඛතාවයකි. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතා අයිතමයක් වන්නේ විදුලි සංදේශ සේවා සපයන්නන්ගේ (Telcos) වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා යටිතල පහසුකම් ස්ථාපිත කිරීමට සහාය වීමයි. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ඔවුන්ගේ සේවාවන් සැපයීමට උස් කුළුණු ඉදිකිරීමේ දී ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීමට රූපවාහිනී, විකාශන සහ Telcos අවශ්‍යතාවන් නොසලකා හැරිය නොහැකි ය. ආර්ථිකමය වශයෙන් හැකි උපරිම සේවා ආවරණයක් ලබා ගැනීම සඳහා උපාය මාර්ගික ස්ථානවල මේවා ස්ථානගත කළ යුතු ය. ඇන්ටනා ව්යුහයන් පිළිබඳ යෝජිත හාතික ප්‍රතිපත්තිය තුළ යටිතල පහසුකම් බෙදා ගැනීම ප්‍රමුඛතම කරුණක් වන බැවින් තවත් මෙවැනි ආකාරයේ කුළුණු ඉදි කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සැලසුම් කරයි.

සියලුම කටයුතු සිදු කර මෙහෙයුම භාර දීමේ පදනමින් (turn key basis) ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය වෙත මෙම ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු පවරා ඇත.