ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


Cloud Computing පිළිබඳ තෙදින සම්මන්ත්‍රණය

ජූලි 28 සිට 30 දක්වා විවෘත Cloud Computing පිළිබඳ තෙදින සම්මන්ත්‍රණය
 
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සහ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) විසින් සංවිධානය කරන ලද Cloud Computing පිළිබඳ තෙදින සම්මන්ත්‍රණය අද (ජූලි 28) උදෑසන ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ කෙරේ.
 
පකිස්ථාන විදුලි සංදේශ අධිකාරියේ සභාපති ආචාර්ය සයිඩ් ඉස්මයිල් ෂා, ආසියා පැසිෆික් කලාපීය ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සමීර් ෂර්මා, France Telecom Orange හි ආචාර්ය රුඑන් හී, CTO, GSP India සහ SAARC හි යෝගේෂ් ජියන්දානි මහතා උත්සවය ඇමතීමට නියමිත අය අතර වේ.
 
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ එම්.එම්. සුහයිර් විසින් සම්මන්ත්‍රණය ආරම්භ කරනු ලබන අතර ඉන් අනතුරුව ITU හි ජ්‍යෙෂ්ඨ උපදේශක සමීර් ශර්මා මහතා ප්‍රධාන දේශනය පවත්වනු ඇත.
 
සාකච්ඡා මාතෘකා අතර නව තාක්ෂණයක් ලෙස cloud computing භාවිත කිරීම, සුහුරු නගර සංවර්ධනය, බස් ගමන් මාර්ග කාල සටහන, මාර්ග සංඥා ආලෝක පද්ධතිය ප්‍රශස්තකරණය කිරීම, වෛද්‍ය පර්යේෂණ සඳහා දත්ත, බෝග මිල වෙත ප්‍රවේශය, කෘෂිකාර්මික විශේෂඥයින් සමග ගොවියන් සම්බන්ධ කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා cloud computing සහ අදාළ නියාමන ගැටළු යනාදිය වේ.
 
ජූලි 28-30 දක්වා පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන් සහභාගි වෙනු ඇත. අධ්‍යක්ෂ, ප්‍රතිපත්ති හා ජාත්‍යන්තර සබඳතා සහ බලපත්‍ර පරිපාලන, මොහාන් ජයසේකර මහතා, මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරයි.

more