ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


මැලේසියාවේ ක්වාලාලම්පූර් හි 5 වන ITU ආසියා-පැසිෆික් නියාමකයින්ගේ වටමේස සාකච්ඡාව

ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) සහ මැලේසියානු සන්නිවේදන සහ බහු මාධ්‍ය කොමිෂන් සභාව විසින් අගෝස්තු 24 සහ 25 දෙදින තුළ මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී 5 වන ITU –ආසියා පැසිෆික් නියාමකයන්ගේ වටමේස සාකච්ඡාව සඳහා සත්කාරකත්වය ලබා දෙන ලදී.
 
නියාමකවරුන්ගේ වටමේස සාකච්ඡාව සඳහා ආසියා - පැසිෆික් කලාපයේ රටවල් 18 ක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහභාගී විය. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නියෝජනය කළේ එහි අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ එම්.එම්. සුහයිර් මහතා විසිනි.
 
සමාරම්භක සැසිය අවසානයේ නිල ඡායාරූපය සඳහා සහභාගිවන්නන් කැමරාවට මුහුණ ලා සිටින අයුරු ඡායාරූපයේ දැක්වේ.
 
වටමේස සාකච්ඡාවේ තේමාව වූයේ "ඩිජිටල් ආර්ථිකය තුළ විදුලි සංදේශ/තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියාමන අභියෝගවලට මුහුණ දීම" යන්නයි.