ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා විදුලි සංදේශ පහසුකම්

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා විශ්ව සේවා වගකීම් සැපයීම දීර්ඝ කිරීම

හැඳින්වීම:
සෑම දිනක්ම විඳදරාගැනීමේ පරීක්ෂණයක් බව දැනගත් විට පුද්ගලයෙකු විඳින කම්පනය වචන වලින් විස්තර කළ නොහැක. ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ රටවල ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට යුද්ධය, හදිසි අනතුරු යනාදියෙන් ඇති වූ හෝ උපතින් ඇති වූ ආබාධ තිබේ. මෙම දුර්වලතා ඔවුන්ගේ සංචලනය සීමා කරන අතර මූලික විදුලි සංදේශ පහසුකම් පවා භාවිතා කිරීමේ හැකියාව අඩු කරයි. තාක්‍ෂණයන් වේගයෙන් වෙනස් වෙමින් හා නිරන්තරයෙන් ප්‍රසාරණය වෙමින් පැවතියත් විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා සන්නිවේදන පහසුකම් සම්බන්ධ ගැටළු විසඳීමට මෙම දියුණුව අපොහොසත් වී ඇත.

ව්‍යාපෘතියේ ආරම්භය:
පාරිභෝගික පැමිණිලි විසඳීම සඳහා වන අභ්‍යන්තර කමිටුවට කරන ලද පැමිණිලි දෙකක් කෙරෙහි අපගේ අවධානය යොමු වූ අතර සියල්ලන්ටම, ඔවුන් නාගරික හෝ ග්‍රාමීය වැඩිහිටියන් ද සහ වෙනස් හැකියාවන් පවතින්නේ ද යන්න නොසලකා, විදුලි සංදේශ පහසුකම් සහතික කිරීම සඳහා එවැනි පුද්ගලයින්ට ප්‍රතිලාභ පිරිනැමීමේ ක්‍රමයක් සකස් කිරීමට අපි තීරණය කළෙමු.
කිසි දිනක පිටතට නොයන හෝ සහය ඇතිව පමණක් පිටතට යන අයට දුරකථනය ඉතා වැදගත් වේ. සමහරු සම්පූර්ණයෙන්ම ආබාධිත වන අතර ඔවුන්ගේ සංචලනය දැඩි ලෙස සීමා වී ඇති බැවින් ඔවුන් රෝද පුටු, ඇවිදීමේ ආධාරක යනාදිය භාවිතා කරයි.

නීති සම්පාදනය:
ශ්‍රී ලංකාව තුළ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය කර ඇත. 1996 අංක 28 දරණ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ පනත වෙනත් කරුණු අතර, ජාතික සභාවක් පිහිටුවීම සඳහා අවශ්‍ය විධිවිධානයන් සපයයි. පනතේ 13(P) වගන්තිය ආබාධ සහිත පුද්ගලයන්ට භෞතික පරිසරයට ප්‍රවේශ විය හැකි වැඩසටහන් හඳුන්වා දීම සහ ආබාධිත පුද්ගලයන්ට තොරතුරු හා සන්නිවේදනය සඳහා ප්‍රවේශය ලබා දීම සඳහා යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සලසා ඇත.

ස්ථාවර ප්‍රවේශ ක්‍රියාකරුවන්ට සහ සෙලියුලර් ජංගම ක්‍රියාකරුවන්ට ලබා දී ඇති බලපත්‍රවල බලපත්‍ර කොන්දේසි:
ආබාධිත පුද්ගලයින්ට (විශේෂයෙන් ශ්‍රවණාබාධ සහිත පුද්ගලයින්ට) සහ වැඩිහිටියන්ට විදුලි සංදේශ පහසුකම් සහතික කිරීම සේවා සපයන්නන්ට අනිවාර්ය කෙරෙන කොන්දේසියක් එහි විශේෂයෙන් ඇත.

සන්නිවේදන පහසුකම් සඳහා වන බාධාවන්:-
මූලික අදියරේ දුරකථනවල අංක යතුරු වලට අමතරව යතුරු කිහිපයක් තිබේ. ඒවා එකම ප්‍රමාණයෙන්, හැඩයෙන් සහ වයනයකින් යුක්ත වන අතර ක්‍රියාකාරීත්ව සහ සංඛ්‍යා යතුරු අතර අවකාශය බොහෝ විට එක් එක් සංඛ්‍යා යතුර අතරට වඩා වැඩි නොවේ. ශ්‍රී ලංකාවේ දැනට බොහෝ දුරකථන උපකරණවල අංක 5 හි අංක පෑඩයේ මතුපිටට නෙරා එන ලෙස සකස් කරන ලද තිතක් ඇත.

මෙහිදී මතුවන වැදගත්ම ප්‍රශ්න නම්,

    මේ අයගේ මූලික විදුලි සංදේශ අවශ්‍යතා මොනවාද?
    මෙම අවශ්‍යතා සපුරාලීමට නියාමකයින්/සේවා සපයන්නන් කෙතරම් දුරට සාර්ථක වී තිබේද?
    අවශ්‍යතා සපුරා නොමැති නම් ඒ ඇයි?
    තාක්ෂණයන් අභිසරණය කිරීමේදී අපි ඔවුන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගන්නේ කෙසේද?

ඩිජිටල්මය බෙදී යාම වඩා පුළුල් ලෙස සිදු කිරීමට අප සලකා බලන්නේ නම් මෙම නූතන තොරතුරු යුගය තුළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් තනි නොකිරීම අත්‍යවශ්‍ය කරුණකි.

තොරතුරු මඳකම:
සන්නිවේදනයට ප්‍රවේශ වීමේ වාසි සම්බන්ධයෙන් පුද්ගලයන්ට ප්‍රමාණවත් තොරතුරු නොතිබීමට ඉඩ ඇත. තොරතුරු නොමැතිකම නිසා මිනිසුන් දුරකථනය හුදෙක් හදිසි අවස්ථා සඳහා සන්නිවේදන ආධාරකයක් ලෙස සලකනු ඇති අතර අන් අය සමග සන්නිවේදනය කිරීමට එය භාවිතා කිරීම පිළිබඳව සලකා බලනු නොලබයි.

උපාය මාර්ගය:

    අදාළ සංවිධාන/ආයතන සම්බන්ධ කරගනු ලැබිණි.
        සමාජ සේවා දෙපාර්තමේන්තුව
        යුධ හමුදා මූලස්ථානය
        ප්‍රජා මධ්‍යස්ථාන
    තොරතුරු එක් රැස් කිරීම
    මිනිසුන් සමග කතා කිරීම සහ
    සේවා සපයන්නන් සමග සැලසුම්ගත හමුවීම්

අපගේ අරමුණු:

   අවම වශයෙන් මූලික විදුලි සංදේශ පහසුකම් සාධාරණ මිලකට සැපයීම සහ ගාස්තු සහන සම්බන්ධව සලකා බැලීම.
    රණවිරු ගම්මානවල (ආබාධිත සෙබළුන්) සහ ප්‍රජා මධ්‍යස්ථානවල වෙසෙන පුද්ගලයන් වැනි ආබාධ සහිත කණ්ඩායම් සඳහා පහසුකම් සැලසීම.
    දෘශ්‍යාබාධ සහිත අය සඳහා බ්‍රේල් පහසුකම් හඳුන්වා දීම.
    ඔවුන්ට අන් අය සමඟ සන්නිවේදනය කිරීමට හැකි වන පරිදි නව තාක්ෂණයන් ලබා දීම.
    ආබාධ සහිත පුද්ගලයින් සමාජ ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට දිරිගැන්වීම.
    ස්ථාපන ගාස්තු, මාසික ගාස්තු ආදිය සඳහා සහන ලබා දීම.
    උපකාරක තාක්ෂණයන් භාවිතය දිරිමත් කිරීම.
    ආරක්ෂාව තහවුරු කිරීම සහ ඔවුන්ට විශ්වාසයෙන් ජීවත් වීමට උපකාර කිරීම.
    අවසාන වශයෙන්, විවිධ සේවාවන් සහ ශිල්පීය ක්‍රම උපයෝගී කර ගනිමින් විවිධ ජාල හරහා මිනිසුන්ට එකිනෙකා සමග සන්නිවේදනය කිරීමට හැකි වන පරිදි සිවිල් සමාජයක් ගොඩනැගීම.

ප්‍රරගතිය:

ඉදිරි ක්‍රියාමාර්ග විය යුත්තේ සන්නිවේදන පහසුකම් අවශ්‍ය පුද්ගල කණ්ඩායම් සලකා බැලීම සහ දැනටමත් විදුලි සංදේශ පහසුකම් ඇති අය සඳහා ප්‍රතිලාභ සලකා බැලීමයි.

අප මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ කොස්ගම රණවිරුගම වෙත යාමෙනි. මෙම ගම්මානය තුළ නිවාස 107ක් පමණ ඇති අතර පදිංචිකරුවන්ගෙන් 90% ක් ආබාධ සහිත යුධ හමුදා සෙබළුන් වෙති. රෝද පුටුවක් හෝ කිහිලිකරුවක් භාවිත කරන ශාරීරික ආබාධ සහිත පුද්ගලයකුට එක් දුරකථන ඇමතුමක් ලබා ගැනීමට විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බව අපට වාර්තා විය.

ඔවුන්ට ඒ සඳහා රෝද පුටුව හෝ ඇවිදීමේ ආධාරක කුලී රථයකට හෝ ත්‍රිරෝද රථයකට පටවාගෙන යා යුතු අතර දුරකථන ඇමතුමකට ගෙවීමට අමතරව කුලී රථ ගාස්තු ගෙවීමට ද සිදු වේ.
ඒ අනුව, රෝදු පුටු භාවිතා කරන පුද්ගලයෙකුට පහසුවෙන් ළඟා විය හැකි ගෙවීම් දුරකථනයක් ගම්මානය තුළ ස්ථාපනය කරන මෙන් ඒ වන විටත් කේබල් යොදවා ඇති සේවා සපයන්නාගෙන්, ඉල්ලීමක් කිරීමට තීරණය කෙරිණි. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ සිට කිලෝමීටර් 48 ක් පමණ දුරින් පිහිටි රණවිරුගම ප්‍රදේශයේ ප්‍රථම ගෙවීම් දුරකථනය ස්ථාපනය කරන ලදී.

ආබාධ සහිත ළමුන් වෙනුවෙන් පැවැත්වෙන මහනුවර, වත්තේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සඳහා P.A.B.X පද්ධතිය:
මෙය ආයතනය තුළ කලක් පැවති අවශ්‍යතාවකි. ආබාධ සහිත දරුවන් විවිධ අසනීප වැළඳීමේ අවදානමට ලක්වෙයි. විශාල භූමි ප්‍රදේශයක් පුරා විවිධ ඒකක පවතින අතර මෙම ඒකක අතර ගමන් කිරීමට කඳු නැග යාම සිදු කළ යුතු නිසා ප්‍රවේශ වීම අසීරු ය. PABX පද්ධතිය ස්ථාපනය කිරීමත් සමඟ බලධාරීන්ට තම වගකීම් පහසුවෙන් ඉටු කිරීමට පහසු වූ අතර එය දරුවන්ට වැඩි ආරක්ෂාවක් ලබා දුන්නේය.

මතුගම වැඩිහිටි නිවාස සඳහා ගෙවීම් දුරකථන පහසුකම:
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ද අමතක කරනු නොලැබුවේ ය. වයෝවෘද්ධ පුද්ගලයන් සමාජයෙන් කොන්වීම වැළැක්වීම සඳහා ඔවුන්ට සන්නිවේදන පහසුකම් සැලසීමේ වැදගත්කම අපි අවබෝධ කර ගතිමු. ඔවුන්ට ආරක්ෂිත පරිසරයක් ලබාදීම සමාජ වගකීමකි. තොරතුරු ඇති සහ නැති අය යනුවෙන් සමාජය තුළ ඩිජිටල් වෙන් වීමක් නොතිබිය යුතු බව අපි අවබෝධ කරගත්තෙමු.
ඩිජිටල් බෙදී වෙන්වීමක දී තොරතුරුවලින් පොහොසත් සහ තොරතුරුවලින් දුප්පත් යන ලෙස බෙදීමක් ඇති විය හැකි අතර මෙම විශාල පරතරය පියවීම සඳහා සන්නිවේදන තාක්ෂණයේ නියැලෙන අප සහ අනාගත පරපුර වෙත වගකීමක් පැවරේ.

වාද්දූව රණවිරු ගම්මානය සඳහා ගෙවීම් දුරකථන පහසුකම:
ගෙවීම් දුරකථන ප්‍රවේශය වැඩිහිටි පුරවැසියන්ට සහ රණවිරු ගම්මානවලට පමණක් සීමා නොවී ඒ අවට සිටින අයට ද ලබා ගත හැකි ය. එය විශ්වීය ප්‍රවේශය සැපයීමේ ලා වන සාර්ථක ක්‍රමයකි.

බ්‍රේල් ක්‍රමයට බිල්පත් නිකුත් කිරීම:
බ්‍රේල් ක්‍රමයට බිල්පත් නිකුත් කිරීමට සේවා සපයන්නන් දිරිමත් කිරීමේ හැකියාව අපි දැන් සලකා බලමින් සිටිමු. කෙතරම් දක්ෂ වුවත් මුද්‍රිත බිල්පතක් ඉතා හොඳින් කියවිය හැකි කෙනෙකු දුරකථනයෙන් විස්තර අසා දැනගැනීම් පිණිස එම බිල්පත කියවීම අත්හැර දමන්නේ නැත. ඒ හා සමානවම බ්‍රේල් කියවන්නෙකු, බ්‍රේල් බිල්පතක් කියවීම මග හරින්නේ ද නැත.
අන්ධ පුද්ගලයන් සඳහා වන සභාව/අන්ධ පුද්ගලයන්ගේ ෆෙඩරේෂණය වෙත ද ගෙවීම් දුරකථන පහසුකම ලබා දෙන ලදී. මෙම පහසුකම ප්‍රධාන වශයෙන්ම සුදු සැරයටි භාවිතා කරන්නන් සඳහා ලබා දුන්නකි.

ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් සඳහා විශේෂ උපකරණ:
ශ්‍රවණාබාධ සහිත පුද්ගලයින්ට සේවා සපයන්නන් විසින් ලබා දිය හැකි ප්‍රතිලාභ පිළිබඳව ද අපි සලකා බලමින් සිටිමු. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය දැනටමත් ශබ්ද පාලන පහසුකම් සහිත නියැදි දුරකථන දෙකක් ආනයනය කර ඇත. සමහර රටවල ඔවුන් කටහඬ මුද්‍රිත ස්වරූපයෙන් පරිවර්තනය කරයි. ශ්‍රී ලංකාව තුළ අපි කථන විස්තාරණය වැනි විශේෂාංග සහිත දුරකථන පිළිබඳව අත්හදා බලමින් සිටිමු. සියලුම ශ්‍රවණාබාධිත පුද්ගලයින්ගේ ප්‍රධානතම ගැටලුව සන්නිවේදනය වන අතර ඔවුන් සහ ශ්‍රවණ ලෝකය අතර සන්නිවේදනයට උපකාර වන හෝ වැඩිදියුණු කරන ඕනෑම දෙයක් ඉතා වැදගත් වේ.
අනාගතය පිළිබඳ අපගේ දැක්ම විය යුත්තේ මේ රටේ සෑම පුරවැසියෙකුටම සන්නිවේදනය සඳහා ප්‍රවේශය ලබා දීමයි. එය මුලාවක් විය නොහැකි ය.
සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ප්‍රමුඛතම කාරණය වනු ඇති බව අප මතක තබාගත යුතු ය.
මෙය, ගරු අගමැතිතුමාගේ දින 100 වැඩසටහන වෙත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ දායකත්වයයි. මෙය අඛණ්ඩ ක්‍රියාවලියක් වනු ඇත. විවිධ වර්ගයේ ආබාධ සහිත පුද්ගලයින් සඳහා සන්නිවේදනය සඳහා ඇති බාධක ඉවත් කිරීම සඳහා වැඩසටහන් සංවර්ධනය කිරීම සඳහා තරුණ පරම්පරාව දිරිමත් කිරීම දැන් අප වෙත පැවරී ඇත.

එබැවින් විදුලි සංදේශ ප්‍රතිපත්තිවල අරමුණු වනුයේ, තොරතුරු පදනම් කරගත් සේවාවන් හරහා රැකියාවේ සහ ජීවන තත්ත්වය අඛණ්ඩව ඉහළ නැංවීම සඳහා පදනම සපයන සිවිල් සමාජයක් ගොඩනැගීමයි. ජාතික යටිතල පහසුකම් වෙනුවෙන් සාධාරණ මිලකට සේවා සැපයීම සහතික කිරීම ද ඉතා වැදගත් වේ.

වැඩි විස්තර සදහා:
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව,
Telephone: + 94 11 2689350 Facsimile: + 94 11 2671647
E-mail: dgtr@trc.gov.lk
Web: www.trc.gov.lk