ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


පාසල් සඳහා පවත්වන දැනුවත් කිරීමේ වැඩසටහන්

TRCSL අනුග්‍රහයෙන් පවත්වන පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පාසල් සිසුන් සඳහා ප්‍රජාවගේ අවශ්‍යතා වඩාත් හොඳින් ඉටු කිරීම සඳහා විදුලි සංදේශ පද්ධතිය භාවිතා කිරීම පිළිබඳ අධ්‍යාපනික තොරතුරු රාශියක් සිසුන්ට ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

මෙම අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වන්නේ කෙටි කාලීනව මෙන්ම දීර්ඝ කාලීනව සිසුන්ට මෙන්ම සමාජයටද ප්‍රයෝජනවත් වන පරිදි පාසල් සිසුන් අතර මෙම විෂය පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය පුළුල් කිරීමයි.

මෙම වැඩසටහනේ සම්පත්දායකයන් අතරට TRCSL හි ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළත් වේ
 

කඩවත නෙළුම් වැස්ස ප්‍රාථමික පාසලේ ගුරුවරුන් සඳහා පැවැත්වූ දැනුවත් කිරීමේ (මාර්ගගත) වැඩසටහන - 22.12.2021