ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


ශ්‍රී ලංකාවේ කොරියානු තොරතුරු තාක්ෂණ ස්වේච්ඡා සේවක වැඩසටහන


ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) කණ්ඩායම් තෝරා ගැනීම සඳහා උසස් තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම ලබා දෙමින් තොරතුරු තාක්ෂණය පිළිබඳ දක්ෂ කොරියානු ස්වේච්ඡා සේවකයන් කණ්ඩායමක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. මෙම කණ්ඩායම, දකුණු කොරියානු රජය විසින් වාර්ෂිකව උසස් තොරතුරු තාක්ෂණය ලබා දීම සඳහා සෑම ගිම්හාන කාලයකම දියුණු වෙමින් පවතින රටවලට යවන කණ්ඩායම්150 ක පමණ ප්‍රමාණයෙන් කොටසකි.

කොරියානු තාක්ෂණ ස්වේච්ඡා (KIV) වැඩසටහන සඳහා කොරියාවේ රාජ්‍ය පරිපාලන සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් සත්කාරකත්වය සපයනු ලබන අතර 2001 සිට කොරියාවේ ජාතික තොරතුරු සමාජ නියෝජිතායතනය (NIA) විසින් කළමනාකරණය කරනු ලැබේ.

ITU සහය යටතේ, කොරියානු තොරතුරු තාක්ෂණ ස්වේච්ඡා පුහුණු වැඩසටහන TRCSL කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ විශේෂ පාසල්, තෝරාගත් මධ්‍යස්ථානවල තොරතුරු තාක්ෂණ උපදේශකයින් සහ තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සඳහා 2011 ජූලි 18 සිට අගෝස්තු 12 දක්වා ශ්‍රී ලංකාවේ පවත්වනු ලැබේ.

දකුණු කොරියාවේ Arirang කණ්ඩායම ලෙස හඳුන්වනු ලබන KIVකණ්ඩායමේ දැනට ශ්‍රී ලංකාවේ සිටින සාමාජිකයින් වන්නේ: මහාචාර්ය ශිම් වොන් බෝ සහ චුන් චියොන්ග් විශ්ව විද්‍යාලයේ සිසුන් වන චොයි සියොක් හ්වාන්, කිම් යැන්ග් වොන් සහ විදේශ අධ්‍යයන පිළිබඳ හැන්කුක් විශ්ව විද්‍යාලයේ ක්වැක් වූ ජුන්ග්.

ඔවුන්ගේ විෂය නිර්දේශයට Photoshop, Visual Basic, C-Language සහ PHP වැනි තොරතුරු තාක්ෂණ මාතෘකා ඇතුළත් වන අතර කොරියානු සංස්කෘතියේ විවිධ පැතිකඩයන් පිළිබඳ හැඳින්වීමක් ද ඇත. පුහුණු වැඩසටහනේ කාලය සති හතරකි. එක්වර පංති දෙකක් පවත්වනු ලැබේ. මෙම පුහුණුව සඳහා ලියාපදිංචිව සිටින්නන් ගණන 50 කි.

කණ්ඩායමේ නායකයා වන මහාචාර්ය ෂිම් වොන් බෝ, ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ ස්වේච්ඡා වැඩසටහන් සඳහා අඛණ්ඩ උනන්දුවක් දක්වයි. ඔහු චීනයේ (2008) සහ කාම්බෝජයේ (2010) පැවති KIV වැඩසටහන් සඳහා සහභාගී වී ඇත.

ඔහු මෙසේ පැවසීය “විවිධ රටවල් අතර පවතින තොරතුරු තාක්ෂණයේ පරතරය අඩු කිරීමට අපට අවශ්‍යයි. අපගේ අභිප්‍රාය වන්නේ උසස් තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අපගේ දැනුම සහ ඉ-රාජ්‍ය සංවර්ධනය පිළිබඳ දකුණු කොරියාවේ ලබා ඇති අත්දැකීම් ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සෙසු රටවලට ලබා දීමයි. මෙම තොරතුරු තාක්ෂණ ස්වේච්ඡා ක්‍රියාකාරකම් හරහා අපි කොරියානු සංස්කෘතිය ද හඳුන්වා දෙන්නෙමු. එපමණක් නොව, අපගේ පන්තිවලට සහභාගිවන්නන් සමඟ අන්තර් ක්‍රියා කිරීමෙන් සහ සුප්‍රසිද්ධ ඓතිහාසික ස්ථාන සහ අනෙකුත් නැරඹුම් ප්‍රදේශවල සංචාරය කිරීමෙන් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අපි උත්සාහ කරමු.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා මෙසේ පැවසීය “ අපගේ නිලධාරීන් සහ තොරතුරු තාක්ෂණ උපදේශකවරුන් සහ ගුරුවරුන් අතර තොරතුරු තාක්ෂණ දැනුම වැඩිදියුණු කිරීමට මෙවැනි වැඩසටහනක් උපකාරී වනු ඇත. මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා දැක්වූ කැපවීම සහ දායකත්වය වෙනුවෙන් අපි දකුණු කොරියානු රජයට සහ KIV කණ්ඩායමට ස්තූතිවන්ත වෙමු. අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ මෙවන් වැදගත් ක්‍රියාකාරකමක් සම්බන්ධීකරණය කිරීමට ITU ලබා දුන් සහය වෙනුවෙන් අපි කෘතඥ වෙමු”.