ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය 2019

අතිගරු ජනාධිපතිතුමාගේ පණිවිඩය
ගරු අගමැතිතුමාගේ පණිවිඩය
ITU මහලේකම්වරයාගේ පණිවිඩය

 

ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය පිළිබඳව

මැයි 17 වෙනිදින පළමු ජාත්‍යන්තර ටෙලිග්‍රාෆ් සමුතිය අත්සන් කිරීම සහ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය නිර්මාණය කිරීමේ සංවත්සරය සලකුණු කරයි.

ලෝක විදුලි සංදේශ දිනය

ITU ආරම්භ කිරීම සහ 1865 දී පළමු ජාත්‍යන්තර ටෙලිග්‍රාෆ් සම්මුතිය අත්සන් කිරීම සනිටුහන් කරමින් 1969 සිට වාර්ෂිකව මැයි 17 වන දින ලෝක විදුලි සංදේශ දිනය සමරනු ලැබේ. එය1973 මලගා ටොරෙමොලිනෝස් හි පැවති පූර්ණ බල තානාපති සමුළුව මගින් ආරම්භ කරන ලදී.

ලෝක තොරතුරු සමාජ දිනය

2005 නොවැම්බර මස දී, තොරතුරු සමාජය පිළිබඳ ලෝක සමුළුව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ වැදගත්කම සහ WSIS විසින් මතු කරන ලද තොරතුරු සමාජයට අදාළ පුළුල් පරාසයක ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා මැයි 17 ලෝක තොරතුරු සමාජ දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය

2006 නොවැම්බර් මස තුර්කියේ ඇන්ටලියා හිදී පැවති ITU පූර්ණ බල තානාපති සමුළුව, ලෝක විදුලු සංදේශ සහ තොරතුරු සමාජ දිනය ලෙස මෙම අවස්ථා දෙකම සැමරීමට තීරණය කළේ ය.


More...