ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


17 වන APT ප්‍රතිපත්ති සහ නියාමන සංසදය

2017 ජූලි 24 - 26 දක්වා, කොළඹ, ශ්‍රී ලංකාව
17 වන APT ප්‍රතිපත්ති සහ නියාමන සංසදය (PRF-17) ආසියා පැසිෆික් විදුලි සංදේශ ප්‍රජාව (APT) විසින් සංවිධානය කරනු ලබන අතර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් සත්කාරකත්වය දරයි.

ආරාධිත අමුත්තා වූයේ ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ය. පිළිගැනීමේ දේශනය ආසියා පැසිෆික් විදුලි සංදේශ ප්‍රජාවේ මහලේකම් අරීවන් හැඔරන්සි මහත්මිය විසින් පවත්වන ලදී. PRF හි සභාපති යසුහිකෝ ටැනිවාකි මහතාගේ ප්‍රධාන දේශනය ජපානයේ MIC හි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ටෙජියි ටකාගි මහතා විසින් පවත්වන ලදී. අතිගරු ජනාධිපතිතුමාගේ ලේකම්/ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු මහතා සමාරම්භක දේශනය සිදු කළේ ය.

 

මෙම සංසදයට APT සාමාජිකයින්, ආශ්‍රිත සාමාජිකයින්, අනුබද්ධ සාමාජිකයින්, ජාත්‍යන්තර සංවිධාන සහ වෙනත් ආශ්‍රිත සංවිධාන වලින් සමන්විත විදේශීය සහ දේශීය සහභාගීවන්නන් 150 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.
 
2017 ප්‍රතිපත්ති සහ නියාමන සංසදයේ සමස්ත අරමුණ වන්නේ විදුලි සංදේශ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රවල සිදුවෙමින් පවතින වෙනස්කම් හේතුවෙන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සංවාදයක් සඳහා කලාපයේ විදුලි සංදේශ සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ නියාමකයින් පොදු වේදිකාවකට ගෙන ඒම සහ APT සාමාජිකයින්ට ප්‍රධාන ගැටළු බෙදා ගැනීමට සහ විසඳීමට අවස්ථාවක් ලබා දීමයි.

වැඩි දුර විස්තර මෙහි දී ලබාගත හැක : https://www.apt.int/2017-PRF17