සිම්පතක් (SIM - ග්‍රාහක අනන්‍යතා මොඩියුල්පත්) ඇතුළු කරන සෙලියුලර් ජාලවලට සම්බන්ධ ඕනෑම ආකාරයක ජංගම දුරකථන/උපාංග ආනයනය කිරීම/ මෙරටට රැගෙන ඒම පිණිස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අනුමැතිය ලබාගත යුතුය.
පෞද්ගලික පරිහරණය සඳහා ජංගම දුරකථන/ උපාංග
- පෞද්ගලික පරිහරණය සඳහා මෙරටට ආනයනය කිරීමට/ රැගෙන ඒමට හැක්කේ ඒකක පහක් (5) දක්වා ජංගම දුරකථන/ උපාංග ප්‍රමාණයක් පමණි.
- පහත සඳහන් ලියකියවිලි සමඟ අයදුම්පත ලිඛිතව TRCSL වෙත යොමු කළ යුතුය.
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත
- ආනයනය කිරීමට/නිෂ්කාශනය කිරීමට අදහස් කරන උපකරණ ලැයිස්තුව සහ පුද්ගලයාගේ නම පැහැදිලිව දැක්වෙන ඉන්වොයිසිය/ රඳවා ගැනීමේ කුවිතාන්සිය/ ගුවන් මාර්ග බිල්පත/ පාර්සල් කුවිතාන්සිය.
- ඉහත (ii) හි උපකරණවල තාක්ෂණික පිරිවිතර
- ජාතික හැඳුනුම්පතේ/ විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ පිටපතක්
- ඉහත (ii) හි සඳහන් තැනැත්තා වෙනුවෙන් වෙනත් අයෙකු විසින් අනුමැතිය ලබා ගන්නා අවස්ථාවක දී, බලය පැවරීමේ ලිපිය සහ දෙදෙනාගේම ජාතික හැඳුනුම්පතේ/ විදේශ ගමන් බලපත්‍රයේ පිටපත් අවශ්‍ය වේ.
- TRCSL විසින් අයදුම්පත්‍රය සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබේ.
- ආනයනය කිරීමට/නිෂ්කාශනය කිරීමට අදහස් කරන උපකරණ සඳහා ගාස්තු අදාළ වන්නේ නම් සහ අනුමැතිය ලබා ගැනීම සඳහා ගෙවිය යුතු නම්, TRCSL විසින් බදු ඉන්වොයිසිය සකස් කර අයදුම්කරුට ලබා දෙනු ඇත.
- ඉහත 2 (ii) අයිතමයේ සඳහන් උපකරණ ආනයනය කිරීමට අවසර දෙමින් අයදුම්කරුට පහත ලිපි දෙක නිකුත් කරනු ලැබේ.
- ආනයන සහ අපනයන / පාලක වෙත යොමු කරන ලද විරෝධතා නොමැති බවට ලිපිය
- රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කරන ලද විරෝධතා නොමැති බවට ලිපිය
ජංගම දුරකථන/උපාංග තොග වශයෙන් ආනයනය කිරීම
- TRCSL විසින් නිකුත් කරන ලද වලංගු වෙළඳ බලපත්‍රයක් තිබිය යුතුය.
- මෙම කාණ්ඩය යටතේ ආනයනය කිරීමට අවසර ඇත්තේ මාදිලි අනුමැතිය සහිත ජංගම දුරකථන/උපාංග පමණි. මාදිලි අනුමැතිය ලබා ගැනීම පිළිබඳ විස්තර;
- ඉල්ලීම සලකා බැලීම සඳහා පහත සඳහන් ලියකියවිලි ලිඛිතව TRCSL වෙත යොමු කළ යුතුය.
- ආනයනය කිරීමට අදහස් කරන උපකරණ පිළිබඳ විස්තර දැක්වෙන ඉල්ලීම් ලිපිය
- ප්‍රො-ෆෝමා (නාමමාත්‍ර ඉන්වොයිසිය (මුල් පිටපත + පිටපත් 3, සත්‍යාපනය කිරීමෙන් පසු මුල් පිටපත ආපසු ලබා දෙනු ලැබේ)
- මාදිලි අනුමැති අංකය සහ දිනය හෝ මාදිලි අනුමැතියට අදාළව TRCSL විසින් නිකුත් කරන ලද වෙනත් ඕනෑම ලේඛනයක් (අදාළ නම්)
- වලංගු වෙළඳ බලපත්‍රයේ පිටපත
- අයදුම්පත ආරක්ෂක නිෂ්කාශනය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට (MOD) යොමු කරනු ලැබේ (අදාළ නම්)
- බදු ඉන්වොයිසිය TRCSL විසින් සකස් කර අයදුම්කරුට ලබා දෙනු ඇත (ගාස්තු අදාළ නම්)
- TRCSL විසින් අයදුම්කරුට ආනයන සහ අපනයන/ පාලක නමට යොමු කරන ලද විරෝධතාවයක් නොමැති බව දැක්වීමේ ලිපියක් නිකුත් කරනු ලබන අතර, අයිතම 3(i) සහ 3(ii) හි සඳහන් උපකරණ ආනයනය කිරීමට අවසර දෙනු ලැබේ.
- පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් පසු, රේගු අධ්‍යක්ෂ ජනරාල් නමට යොමු කරන ලද විරෝධතාවයක් නොමැති බව දැක්වීමේ ලිපියක් TRCSL විසින් අයදුම්කරු වෙත නිකුත් කරනු ලැබේ.
- පාලක විසින් ලබා දී ඇති අවසර පත්‍රයේ පිටපත (ආනයන බලපත්‍රය).
- වාණිජ ඉන්වොයිසිය (මුල් පිටපත +පිටපත් 3 , මුල් පිටපත සත්‍යාපනය කිරීමෙන් පසු ආපසු ලබා දෙනු ලැබේ) හෝ ණයවර ලිපිය සහිතව ටෙලිග්‍රැෆික් මුදල් හුවමාරුව මගින් ප්‍රේෂණ/ගෙවීම් සිදු කර ඇති බව සනාථ කරමින් බැංකුව විසින් නිසි පරිදි සහතික කරන ලද වාණිජ ඉන්වොයිසියේ පිටපත.
- ආනයන සහ අපනයන/ පාලක වෙත TRCSL විසින් නිකුත් කරන ලද ලිපියේ පිටපත (ඉහත 6 වන අයිතමය)
- Cප්‍රොෆෝමා (නාමමාත්‍ර) ඉන්වොයිසියේ පිටපත (ඉහත අයිතමය 3(ii))
- ජංගම දුරකථන/උපාංගවල ජාත්‍යන්තර ජංගම උපකරණ අනන්‍යතා ( IMEI) අංක ඇමුණුම 1 ආකෘතිය ප්‍රකාරව trives@trc.gov.lk වෙත විද්‍යුත් තැපෑලෙන් එවිය යුතුය.
- ඉහත 05 වන අයිතමයේ සඳහන් ඉන්වොයිසිය සම්පූර්ණයෙන්ම පියවීම පිළිබඳ සාක්ෂි (අදාළ නම්)
- ජංගම දුරකථන/උපාංග ආනයනය කිරීමේදී, TRCSL විසින් යොමු අංකයක් නිකුත් කරනු ලබන අතර එය පාරිභෝගිකයාගේ යොමුව සඳහා ස්ටිකරයක් ආකාරයෙන් ජංගම දුරකථනයේ/උපාංගයේ පෙට්ටිය මත අලවනු ලැබේ (සාම්පල ස්ටිකරය)
මාදිලි අනුමත ජංගම දුරකථන වලට අදාළ නියමයන්
ජංගම දුරකථන පිළිබඳ තොරතුරු
ඉලක්කම් පහළොවකින් සමන්විත ජාත්‍යන්තර ජංගම උපකරණ අනන්‍යතා අංකය (IMEI)යනු දුරකථනයේ බැටරිය ඉවත් කරන විට ,සාමාන්‍යයෙන් ඇතුළත දක්නට ලැබෙන , සෑම දුරකථනයකටම ලබා දෙන අනන්‍ය වූ අංකයකි. එමෙන්ම ජංගම දුරකථනයේ යතුරු පුවරුවේ *#06# ඇතුළත් කිරීමෙන් එය දුරකථන තිරයේ ද දිස්වනු ඇත.
ජාත්‍යන්තර ජංගම උපකරණ අනන්‍යතා (IMEI) අංකයේ පළමු ඉලක්කම් අට මාදිලිය වෙන් කිරීමේ සංකේත අංකය (TAC) ලෙස හඳුන්වන අතර එය අදාළ උපාංගයේ අලෙවිකරණ නාමය සහ නිෂ්පාදකයාගේ අනන්‍යතාවය දක්වයි.
පහත දැක්වෙන ආකෘතියෙන් 1909 ට කෙටි පණිවිඩයක් යැවීමෙන් ජංගම දුරකථනයක ජාත්‍යන්තර ජංගම උපකරණ අනන්‍යතා (IMEI) අංකය පරීක්ෂා කළ හැක.
IMEI ( හිස්තැනක්) අංක 15 කින් සමන්විත IMEI අංකය ----> ( IMEI (space) 15 digit IMEI number )
සියලුම ජංගම දුරකථන වෙළෙන්දන් සතුව TRCSL විසින් නිකුත් කරන ලද වලංගු වෙළඳ බලපත්‍රයක් තිබිය යුතු අතර එම බලපත්‍රය ඔවුන්ගේ අලෙවිසැල්වල ප්‍රදර්ශනය කළ යුතුය.
මාදිලි අනුමැතිය සහිත ජංගම දුරකථන/උපාංග TRCSL වෙබ් අඩවිය www.trc.gov.lk ඔස්සේ පරීක්ෂා කළ හැකිය.
වැඩිදුර විස්තර සඳහා කරුණාකර අමතන්න :
එස් . බී . බුලත්ගම මහතා
සහකාර අධ්‍යක්ෂ (වර්ණාවලි කළමණාකරන / තොරතුරු තාක්ෂණ)
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
අංක. 276, ඇල්විටිගල මාවත
කොළඹ 08
දුරකථන අංකය : +94 112689345 (දිගුව : 4105)
විද්‍යුත් තැපෑල : bulathgama@trc.gov.lk