වරුණ ශ්‍රී ධනපාල මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන අතර වසර 24 කට අධික සේවා පළපුරුද්දක් ඇත. 2024 නොවැම්බර් මස සිට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ලෙස පත් කරන ලදී.
ඔහු මීට පෙර ස්වදේශ කටයුතු භාර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ) (2020 සැප්තැම්බර් - 2024 නොවැම්බර්) සහ දත්ත ආරක්ෂණ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් (2023 නොවැම්බර් - 2024 නොවැම්බර්) ලෙස සේවය කර ඇත.
නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ (2012 – 2014) අමාත්‍ය උපදේශක ලෙස ධනපාල මහතා තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට දායක විය. 2013 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඒකමතිකව ඔහුව ආර්ථික හා මූල්‍ය කමිටුවේ උප සභාපති ලෙස තෝරා පත් කළ අතර තාක්ෂණය සහ ගෝලීය ගැටළු පිළිබඳ ප්‍රධාන යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් කටයුතු කළේය.
ඔහු ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන උපාධි ආයතනයෙන් (ජපානය ) ජාත්‍යන්තර සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් කළමනාකාරිත්ව ආයතනයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් භූ විද්‍යාව සහ පරිගණක විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධිය ලබා ඇත.
ධනපාල මහතා ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) වෘත්තීය සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකා ජපන් උපාධිධාරීන්ගේ සංගමයේ (JaGAAS) ප්‍රධාන ලේකම්වරයා ද වේ.