ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


අතුල බණ්ඩාර හේරත් මහතා
(LL.B Sri Lanka ) Attorney-at-Law

 

නීතිඥ අතුල බණ්ඩාර හේරත් මහතා (LL.B ශ්‍රී ලංකාව) 1986 වසරේ  දී නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන්  අතර ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, කොළඹ දිස්ත්‍රික් අධිකරණය මෙන්ම දිවයිනේ අනෙකුත් පිට පළාත්වල දිසා අධිකරණවල ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු ලෙස කටයුතු කළේය.

ඔහු මහජන බැංකුව, සීමාසහිත සෙලින්කෝ රක්ෂණ සමාගම, හපුගස්තැන්න වැවිලි සමාගම, සීමාසහිත  ද ෆිනෑන්ස් සමාගම, කැස්බෑව නගර සභාව, ලංකා සෙරමික් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම, කොමර්ෂල් ක්‍රෙඩිට් පීඑල්සී සහ ඛනිජ තෙල් සංස්ථාව යන ආයතනවලට වෘත්තීය සේවාවන් සපයයි.

ජනසවිය භාරකාර අරමුදලේ ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමසාරිස් ලෙස හේරත් මහතා පත් කරන ලද අතර, ඔහුගේ විචක්ෂණශීලී හැකියාව සහ විශ්වාසවන්තභාවය කෙරෙහි ඉමහත් විශ්වාසය ඇති කරමින් , අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඉඩම් අත්පත් කර ගැනීමේ සමාලෝචන මණ්ඩලයට ඔහු පත් කරන ලද අතර වසර පහක් මණ්ඩලයේ සේවය කළේය. ඔහු වසර පහක් කොළඹ ගෙවල්  කුලී මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

නීතිඥ අතුල බණ්ඩාර හේරත් මහතා ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා)  සමාගම සහ වරාය අධිකාරිය යන ආයතනවල අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කර ඇත.

ඔහු නීතිඥයින් සහ විනිසුරුවන් සඳහා  නිර්දේශිත ග්‍රන්ථයක් වන 2006 දී ප්‍රකාශයට පත් කරන ලද " සාක්ෂි ආඥා පනත පිළිබඳ නඩු නීතිය " හි කතුවරයා වන අතර 2014 සිට 2021 දක්වා "ශ්‍රේෂ්ඨාධිකරණ නීති වාර්තාව" (A.B.H.Law Report) සම්පාදකයා වේ.