විදුලි සංදේශ ක්ෂේත්‍රයේ පර්යේෂණ සහ සංවර්ධනයට සහාය වීම සඳහා සිය වගකීම විද්‍යාමාන කරමින්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් 2024 වසරේ පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන සාර්ථකව ආරම්භ කරන ලදී.
මෙය , වසර 15 කට අධික කාලයක් පුරා, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන සමඟ හවුල්කාරිත්වයෙන් විදුලි සංදේශ ක්ෂේත්‍රයේ පර්යේෂණ සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමෙහි ලා නිරත වැදගත් වැඩසටහනක් වී ඇත. ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන ප්‍රකාරව , මෙම වැඩසටහන මගින් ප්‍රධාන අභියෝගවලට මුහුණ දෙන සහ විදුලි සංදේශ ක්ෂේත්‍රය සඳහා ප්‍රායෝගික විසඳුම් ලබා දෙන අධ්‍යයන හා කර්මාන්ත පර්යේෂණ යන දෙකම මෙහෙයවීම උදෙසා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දක්වන අඛණ්ඩ සහයෝගය පෙන්නුම් කරයි.
මෙම වසරේ පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහනේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, මොරටුව විශ්ව විද්‍යාලය, කැලණිය විශ්ව විද්‍යාලය සහ රුහුණු විශ්ව විද්‍යාලයේ පර්යේෂණ දායකත්වයන් ඉදිරිපත් කරන ලද අතර, පහත සඳහන් කරුණු පිළිබඳ නවතම පර්යේෂණ අධ්‍යයන ඊට ඇතුළත් විය:
මෙම අවස්ථාවට රාජ්‍ය විශ්වවිද්‍යාලවල පර්යේෂකයින්, පර්යේෂණ කමිටු සාමාජිකයින් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා නිලධාරීන් මෙන්ම විදුලි සංදේශ කර්මාන්ත විශේෂඥයින් ද එක්රැස් විය. එක් එක් පර්යේෂණයේ මූලික ඉදිරිපත් කිරීමෙන් පසු, පර්යේෂකයින්, උපාධි අපේක්ෂකයින් සහ විදුලි සංදේශ ක්‍රියාකරුවන් අතර දැනුම හුවමාරුව සහ ඵලදායී සංවාදය ප්‍රවර්ධනය කරමින් සිදු කරන ලද ආකර්ශනීය ප්‍රශ්නෝත්තර සැසි මෙම වැඩසටහනට ඇතුළත් විය.
කර්මාන්ත විශේෂඥයින් සමඟ සහයෝගීතාවයෙන් අධ්‍යයන පර්යේෂණ ප්‍රායෝගික භාවිතයන් ආශ්‍රිත වැඩසටහන් සඳහා සහාය වෙමින්, මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ තිරසාර ප්‍රගතියක් ඇති කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.