ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ (ITU) 2019 නවතම ගෝලීය වාර්තාවේ ශ්‍රේණි ගතකිරීමි අනුව, ශ්‍රී ලංකාව ලාභදායි ජංගම දුරකථන ඇමතුම් ගාස්තු අයකරණ රටවල් අතර 09 වන ස්ථානය ද, ස්ථාවර හා බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු සඳහා 26 වන ස්ථානය ද, ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු සඳහා 29 වන ස්ථානය ද හිමි කර ගෙන සංවර්ධිත හා කලාපීය රටවලට වඩා ඉදිරියෙන් සිටින බව අපි සතුටින් දන්වා සිටිමු. එසේම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙතින් වැඩි දියුණු කළ සේවාවක්, දැරිය හැකි මිලකට පාරිභෝගිකයින් හට ඉදිරියේ දී ද ලබාදීම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තවදුරටත් සහතික කරනු ඇත.